Difficulty
Intermediate
Rate for accuracy
🎸
Key: Bbm
පිටකවරේ | අමු සින්දුව
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
කවරේ කොහොම වුණත්, බොක්ක හොඳ උඹල ඔක්කොටම
පිටකවරේ | අමු සින්දුව
Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
Intro:
(there is Bbsus2/sus4 bit going on here at the beginning)
Bbm | - | - | - :
+ :
Bbm | - | - | - :
Bbm | - | - | - :
Bbm | - | - | - :
Verse:
Bbm Fm
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ.
Ab Bbm
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ.
Bbm Fm
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ.
Ab Bbm
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ.
Bbm :
Chorus:
Bbm Fm
එ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.
Ab Bbm
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.
Bbm Fm
එ ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා.
Ab Bbm
මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.
Ab Bbm
මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා.
Inter:
Bbm | - | - | - :
Bbm | - | - | - :
Bbm | - | - | - :
Verse 2:
Bbm Fm
සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ.
Ab Bbm
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ.
Bbm Fm
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.
Ab Bbm
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.
Chorus 2:
Bbm Fm
දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ.
Ab Bbm
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ.
Bbm Fm
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ.
Ab Bbm
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
Ab Bbm
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
Ab Bbm
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
Ab Bbm
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
Song History
Published: September 27, 2023
Last Updated: September 10, 2025